ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රවල සහයෝගීතාව ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රීෂියා ලසාරා පෙගෝ ගෙවරා (Patricia Lázara Pego Guerra) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු නියෝජිත පිරිසක් අතරයි.
යාපනයේ පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී පැවැති මෙම සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමරන් සහ යාපනය මහා නගර සභා මන්ත්‍රී මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධීකාරක සුන්දරමූර්ති කපිලන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී කියුබාවේ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය මෙන්ම 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගත් පියවර සහ පවතින ආර්ථික අභියෝග පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ආර්ථික අභියෝග හමුවේ නොමිලේ අධ්‍යාපනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කියුබාව ලබා ඇති අත්දැකීම් සහ එරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.
එමෙන්ම, විදේශීය සිසුන්ට කියුබාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇති අවස්ථා සහ ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යාපනික සහයෝගීතාව ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබෙන අතර, මේ වනවිට යාපනය ප්‍රදේශයේ සිසුන් තිදෙනෙකු කියුබාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටින බවද එහිදී සඳහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික, තාක්ෂණික හා භාෂාමය සබඳතා ගොඩනැගීම, ශිෂ්‍ය හා අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වී තිබෙනවා.
දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපන, වෛද්‍ය, තාක්ෂණික හා ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කරගැනීමේ සහ සහයෝගීතාව ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සාකච්ඡාව අවසන් වී තිබෙනවා.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026