General16 October 2026

ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිරිලිය සවිය සංවිධානය වෙත රුපියල් මිලියන දහයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ පිළිබඳ වෛද්‍ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙනු ලැබුවා.

එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් සහිතව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන බව පැවසුවා.

මෙම සැකකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳව එම වාර්තාවේ සඳහන් කර ඇතැයි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත් වරයා සැකකාරියට "බයිපාස්" සැත්කමක් සිදු කළ යුතු බවට එහි සඳහන්ව ඇති බවත් පැවසුවා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය 2.45 දක්වා කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා.

Related recommendation
Hiru TV News | Programmes