අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත් කළ කේටි සකාරියා එම තනතුරෙන් ඉවත් කර ඇති බව ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ජනාධිපති ට්‍රම්ප් ඇයගේ රැකියාව පිළිබඳව යළි සලකා බලන ලෙස උපදෙස් දුන් බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ධවල මන්දිරයෙන් පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම රැකියාව තුළ සතුටින් සිටීමට හැකිද යන්න පිළිබඳව ඇය නැවත සිතා බැලිය යුතු බව තමන් පැවසූ බවයි.
ෆොක්ස් නිවුස් නාලිකාව ද ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, සකාරියා මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි.
සකාරියා මෙම තනතුරේ වැඩ භාරගෙන තිබුණේ සඳුදා දිනයේදී වන අතර, ඇය සිය පළමු ධවල මන්දිර මාධ්‍ය හමුව පවත්වා තිබුණේ අඟහරුවාදා දිනයේදීයි.
ධවල මන්දිරයේ හිටපු මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් වෙනුවට ඇය පත් කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබුණා.
සකාරියාට මෙම තනතුර භාරගැනීම සඳහා බදාදා දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, සිකුරාදා දිනයේදී තනතුර නිල වශයෙන් පිරිනැමුණු බවත්, ඇය මීට පෙර සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, කැලිෆෝනියාවේ පෙපර්ඩයින් විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් උපාධිය ලබා ඇති සකාරියා නීතිඥවරියක ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති වෘත්තීය සුදුසුකම් විභාගය සමත් වී තිබේද යන්න පිළිබඳව පසුගිය සතියේදී ප්‍රශ්න මතු වුණා.
ෆොක්ස් නිවුස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සකාරියා ප්‍රකාශ කර ඇත්තේ, තමන් එම නීති විභාගය සමත් නොවූ බවයි.
ට්‍රම්ප් සිය පත්වීම නිවේදනය කරන අවස්ථාවේදී ඇය නීතිඥවරියක ලෙස හඳුන්වා දී තිබීමත් සමග මෙම කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබෙන බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026