International17 October 2026

යේමනයේ ආඩන් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර: සෞදි අරාබිය දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන හමුදා සන්ධානය විසින් විනාශ කරයි

යේමනයේ දකුණු දිග පිහිටි ආඩන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයට මිසයිල දෙකක් පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, හොර්මුස් සමුද්‍ර සන්ධිය මඟහැර සවුදි අරාබියට තෙල් අපනයනය කිරීමට උපකාරී වන ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් වන යාන්බු (Yanbu) රතු මුහුදු නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව වළක්වා ගැනීමට සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානය සමත්ව තිබෙනවා.

මීට අමතරව, රතු මුහුදට ඉහළින් ගමන් කළ ක්‍රූස් (Cruise) මිසයිල දෙකක් සහ සවුදි අරාබියේ දකුණු ප්‍රදේශයට මෙන්ම රියාද් කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා තුනක් ද අහසේදීම විනාශ කිරීමට හමුදා සන්ධානය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මූලාශ්‍රය - The Jerusalem Post
Related recommendation
Hiru TV News | Programmes