International17 October 2026

අමෙරිකාවේ නව සම්බාධක පනතින් රුසියාව නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන්

අමෙරිකානු කොංග්‍රසය විසින් පසුගිය මාසයේදී සම්මත කරන ලද නව සම්බාධක පනතින් රුසියාව නිදහස් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (16) රාත්‍රියේ විධායක අණකට අත්සන් තබා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ගෑස් මිල අඩු කර ගැනීම සඳහා අමෙරිකාව රුසියාවේ සහය පතන මොහොතක, මෙම පියවර හරහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ආර්ථික සහනයක් හිමිවී ඇති බවයි එහි සඳහන්.

රුසියානු නිලධාරීන්, ප්‍රකෝටිපතියන් සහ මූල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් මෙම නව සම්බාධක සකස් කර තිබූ අතර, එය පසුගිය ජූලි මාසයේදී අභාවප්‍රාප්ත වූ සවුත් කැරොලිනා රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෑම් (Lindsey Graham) නමින් නම් කරන ලද පනතක කොටසක් වී තිබුණා.

රුසියාව යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ආධාර වන මූල්‍ය මාර්ග සීමා කිරීම අරමුණු කරගත් මෙම පනත මඟින්, රුසියාව සමඟ අඛණ්ඩව වෙළඳාම් කරන රටවල් සඳහා අමතර තීරුබදු පැනවීමටද ජනපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes