International17 October 2026

ගාසා තීරයේ සටන් විරාමයෙන් පසු ළමුන් 340කට අධික පිරිසක් මරුට

ගාසා තීරයේ සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමුන් 340කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කළා.

එම කාලය තුළ තවත් ළමුන් සිය ගණනක් තුවාල ලබා ඇති අතර, පසුගිය සති දෙක තුළ පමණක් ළමුන් හත්දෙනෙකු මියගොස් තවත් 33 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

මේ අතර, ගාසා තීරයේ ළමුන් ලක්ෂ අටකට ආසන්න පිරිසක් තවමත් අවතැන්ව සිටින බවත්, එළඹෙන ශීත ඍතුවත් සමග ඔවුන් මුහුණ දෙන තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවත්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනතුරු අඟවනවා.
Related recommendation
Hiru TV News | Programmes