International17 October 2026

යුක්‍රේනයේ Starshield අන්තර්ජාල පහසුකම් සීමා කළේ තමන් නොවන බව ට්‍රම්ප් කියයි

රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා යුක්‍රේනය භාවිත කරන Starlink ජාලයට සම්බන්ධ Starshield අන්තර්ජාල පහසුකම් සීමා කිරීමට තමන් කිසිදු පියවරක් ගෙන නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

යුක්‍රේනයේ ඩ්‍රෝන යානා ක්‍රියාකාරීත්වයට බාධා වන පරිදි අදාළ ජාලයේ වේග සීමා පැනවීමත් සමග එරට ආරක්ෂක මෙහෙයුම්වලට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, එම සීමා පැනවීම තමන් විසින් සිදු නොකළ බවත්, Starlink හිමිකරු වන එලෝන් මස්ක් විසින් ද එය සිදු කරන්නට ඇතැයි තමන් නොසිතන බවත්.

කෙසේ වෙතත්, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ, අදාළ ජාලයේ සාමාන්‍ය වේගය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවයි.

මේ අතර, අදාළ සීමා පැනවීම ධවල මන්දිරය තුළින් නිකුත් වූ නියෝගයක් අනුව සිදුව ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ සඳහා නම් සඳහන් නොකළ අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු සහ අදාළ කරුණු පිළිබඳ දැනුවත් බටහිර නිලධාරියෙකු උපුටා දක්වා ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes