තායිවානය සමඟ නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම හේතුවෙන් පැරගුවේ හි සන්නිවේදන අමාත්‍යවරයාට සහ බෙලීස් හි විදේශ අමාත්‍යවරයාට එරෙහිව සම්බාධක පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා.
චීනය විසින් තායිවානය තමන්ගේම භූමියක කොටසක් ලෙස හිමිකම් කියනු ලබන අතර, මෙම සම්බාධක යටතේ අදාළ අමාත්‍යවරුන්ට ප්‍රධාන චීන භූමියට, හොංකොං සහ මැකාවු රාජ්‍යයන් වෙත ඇතුළුවීම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම, චීන සංවිධානවලට සහ පුද්ගලයින්ට මෙම සම්බාධකවලට ලක්වූ නිලධාරීන් සමග ගනුදෙනු කිරීම, සහයෝගයෙන් කටයුතු කිරීම හෝ වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීමද තහනම් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය වෙන වෙනම නිවේදන නිකුත් කරමින් කියා සිටියා.
ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව සම්බාධක සඳහා හේතු ලෙස බීජිං සඳහන් කළ අතර, තායිවානය සමඟ අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් පෙනී සිටීම නිසා බෙලීස් සහ පැරගුවේ හි සමහර දේශපාලනඥයින් චීන විරෝධී බවට චෝදනා කරනු ලැබුවා.
තායිවානය සමඟ නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන ලොව රටවල් 12 අතුරින් පැරගුවේ සහ බෙලීස් ප්‍රධාන තැනක් ගන්නා අතර,ස්වයං පාලනයක් සහිත තායිවාන දූපත සිය භූමියේ ප්‍රදේශයක් ලෙස සලකන බීජිං පාලනය, එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට දැඩි ලෙස විරුද්ධ බව ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත්, බීජිං පාලනයේ මෙම හිමිකම් පෑම තායිවාන රජය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබනවා.
තායිවානයේ රාජ්‍යතාන්ත්‍රික මිත්‍ර රටවල නිලධාරීන් සාමාන්‍යයෙන් චීනයේ සංචාරය නොකරන බැවින්, මෙම සම්බාධක ප්‍රධාන වශයෙන් සංකේතාත්මක මට්ටමේ ඒවා ලෙස සැලකෙන අතර, මීට පෙර ද බීජිං පාලනය විසින් බටහිර රටවල නිලධාරීන්ට එරෙහිව මෙවැනිම පියවර ගෙන තිබෙනවා.
මූලාශ්‍රය - TOI

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026