International17 October 2026

පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි

පෙනහළුවක පිළිකාමය ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට ලක්වූ 14 වැනි ලියෝ පාප් වහන්සේ දින හතරකට පසු රෝමයේ ජෙමෙලි රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

71 හැවිරිදි පාප් වහන්සේ රෝහලෙන් පිටව යන අවස්ථාවේදී කිසිවෙකුගේ ආධාරයකින් තොරව සිය මෝටර් රථය වෙත ගමන් කර ඇති අතර, එහිදී තමන් දැක බලා ගැනීමට පැමිණි පිරිස සමඟ ද කතාබහ කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා සිදුකළ විනාඩි 90ක පමණ සැත්කමේදී පාප් වහන්සේගේ දකුණු පෙනහළුවේ පහළ කොටස ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැත්කමෙන් පසු සිදුකළ රුධිර පරීක්ෂණ සහ පපුවේ එක්ස්-රේ පරීක්ෂණවලින් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව යහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන අතර, කෙසේ වෙතත්, පිළිකාව වෙනත් ස්ථානවලට පැතිරී ඇත්දැයි සොයා බැලීම සඳහා සිදුකළ වැඩිදුර පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, රෝහලෙන් පිටව ගිය පාප් වහන්සේ හෙට (18) ශාන්ත පීතර චතුරශ්‍රයේදී සාම්ප්‍රදායික ඇන්ජලස් යාච්ඤාව සහ ආශීර්වාදය ලබාදීමට නියමිත බව වතිකානය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ද පාප් වහන්සේ සිකුරාදා දුරකථන සංවාදයක නිරත වී ඇති අතර, එහිදී සංවාදය සහ සාමය සඳහා උන්වහන්සේ අවධාරණය කළ බව වතිකානය ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය - BBC
Related recommendation
Hiru TV News | Programmes