General02 November 2026

මඩකලපු මුහුදෙන් ඇල්ලූ කිලෝ 200ක කොප්පරා මාළුවෙක් ලක්ෂ 2.5කට අලෙවි වෙයි

මඩකලපුව, කිරාන්කුලම් ධර්මපුරම් මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 200ක් පමණ බරැති දැවැන්ත කොප්පරා මාළුවෙකු ධීවරයින්ට හසුවී තිබෙනවා.

ඊයේ (01) සවස හසුවූ මෙම යෝධ මාළුවා රුපියල් 252,000ක මුදලකට අලෙවි කළ බවයි ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කළේ.

සාමාන්‍යයෙන් කොප්පරා මාළු කිලෝවක් රුපියල් 2,500ක පමණ මිලකට අලෙවි වුවද, මේ දිනවල වැඩි වශයෙන් මාළු හසුවීම හේතුවෙන් එම මිල පහත වැටී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොප්පරා මාළු කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 1,400ක පමණ මිලකටයි.

අයහපත් කාලගුණය හමුවේ දෛනික ධීවර කටයුතු අභියෝගාත්මක වී ඇති පසුබිමක මෙවැනි දැවැන්ත මාළුවෙකු හසුවීම තමන්ට මහත් සතුටක් ගෙන දුන් බවයි ප්‍රදේශයේ ධීවරයින් වැඩිදුරටත් පවසා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes