General03 November 2026

කළු ජූලියට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

අද (03) සිට ලබන 6 වැනි දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව, අද 1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇති.

එමෙන්ම, ආණ්ඩු පක්ෂය ගෙන එනු ලබන මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරට සිදුව ඇති බලපෑම පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය ද පැවැත්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes