යුක්‍රේනයේ ගිනිකොනදිග (Zaporizhzhia) කලාපයේ කොමිෂුවාකා (Komyshuvakha) හි පිහිටි පාසල් ගොඩනැගිල්ලකට රුසියාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර නවයකින් එහි රැකවරණය ලබා සිටි පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 48 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
අදාළ ගොඩනැගිල්ල සිවිල් ජනතාව සඳහා රැකවරණ මධ්‍යස්ථානයක් සහ මානුෂීය ආධාර බෙදාහැරීමේ ස්ථානයක් ලෙස භාවිත කරමින් පැවති බව ප්‍රදේශයේ ආණ්ඩුකාර මයිකලෝ සෙමිකින් (Mykhailo Semikin) තහවුරු කර තිබෙනවා.
ප්‍රහාර එල්ල කිරීම සඳහා රුසියාව විසින් KAB-500 සහ ටොන් 3ක බරකින් යුත් FAB-3000 වර්ගයේ ප්‍රබල ගුවන් බෝම්බ භාවිත කර ඇති අතර, එහි දැඩි බලපෑම හේතුවෙන් යුරෝපීය සංගමයේ (EU) අරමුදල්වලින් ඉදි කර තිබූ කොන්ක්‍රීට් භූගත ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ගිනිගෙන ඇති බව සඳහන්.
එමෙන්ම, පළමු ප්‍රහාරයෙන් පසු සහන සේවකයින් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී රුසියානු බලකායන් විසින් එල්ල කරන ලද දෙවන ප්‍රහාරයෙන් ("Double-tap strike") සහන සේවකයින් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම බිහිසුණු ප්‍රහාරය හෙළා දකිමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) ප්‍රකාශ කළේ, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල මැතිවරණය පැවැත්වෙන දිනයේම මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
රුසියාවේ මෙවැනි ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා අමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වහා මැදිහත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026