International04 November 2026

අමෙරිකාවේ ඡන්දදායකයින් ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය ප්‍රධානම ගැටලු ලෙස හඳුනා ගනී - නවතම මත විමසුමකින් හෙළි වෙයි

අමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් සිදුකළ මත විමසුමකට අනුව, අමෙරිකානු ඡන්දදායකයින් විසින් ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය ප්‍රධානතම ගැටලු ලෙස හඳුනාගෙන ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

'Voter Poll' (ඡන්දදායක මත විමසුම) ලෙස නිල වශයෙන් හැඳින්වෙන මෙම සමීක්ෂණය මගින්, ඇමරිකානු ඡන්දදායකයින් දස දහස් ගණනකගේ අදහස් සහ ඔවුන්ගේ තීරණවලට බලපෑ හේතු විමසා බලනු ලබන අතර, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම සහ වෙනත් ජනගහන ලක්ෂණ අනුව දත්ත වර්ගීකරණය කර ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රවෘත්ති ආයතන එකමුතුවක් වෙනුවෙන් SSRS නම් මත විමසුම් ආයතනය විසින් මෙම දත්ත රැස් කරන අතර මැතිවරණයට පෙර කාලසීමාවේදී ඇමරිකානු ඡන්දදායකයින් නියෝජනය වන පරිදි සාම්පලයක් තෝරාගෙන මෙය සිදු කෙරුණා.

මෙම මත විමසුමේ ප්‍රතිඵලවලින් කොටසක් ලෙසින්, පුද්ගලයින් 79,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම සමීක්ෂණයේදී, 39%ක් දෙනා ප්‍රකාශ කළේ ආර්ථිකය වඩාත්ම වැදගත් ගැටලුව බවයි. තවත් 32%ක් දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය ප්‍රධානතම ගැටලුව ලෙස නම් කර ඇති බව සඳහන්,

Related recommendation
Hiru TV News | Programmes