International04 November 2026

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීමට තමන් සූදානම් බව ට්‍රම්ප් කියයි

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය පිළිගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි.

එමෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ද තමන් සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

"අපි ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් සමග වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට අපට යම් එකඟතාවකට පැමිණීමට හැකි වේවි" යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes