General04 November 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි පෙර පාසල් බෑග් නඩුව ලබන 10 වැනිදා දක්වා කල් තැබේ

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී එම පළාතේ පිහිටි පෙර පාසල්වලට බෑග් ලබා දීම සඳහා අයථා ලෙස රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න අද (04) නියෝග කළා.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අද (04) දින ආරම්භ වු අතර එහිදී පැමිණිල්ලේ 6වැනි සාක්ෂිකරු වන බදුල්ල ලංකා බැංකු ශාඛාවේ නියෝජ්‍ය කළමණාකාරු සාක්ෂි ලබා දෙනු ලැබුවා.
ඉදිරි දින පැමිණිල්ලේ අංක 13 සාක්ෂි ලබා දීමට අධිකරණයේ පෙනී සිටින ලෙසද අධිකරණයෙන් සිතාසි නිකුත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes