ගාලුමුවදොර පිටියේදී ඉකුත් 2022 වසරේ සාමකාමී උද්ඝෝෂණයක් සිදුකළ අරගලකරුවන්ට පහරදුන්නැයි කියන සිද්ධියට අදාල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු සැකකරුවන් 37දෙනා සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (04) කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව එම සිද්ධිය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.
මෙම සිද්ධියට අදාල නඩු ගොනුව නීතිපති උපදෙස් සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කළ බවත් සිද්ධියට අදාල සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කඩිනමින් කටයුතු කිරිමට අවශ්‍ය බවත් නිතිපතිවරයාට දන්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ කරුණු ඉදිරිපත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මිලාන් ජයතිලක, 37 වන සැකකරු වන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 37 දෙනාගෙන් සැකකරුවන් 35දෙනෙක් අද (04) විවෘත අධිකරණයේ පෙනී සිටියා.
26 වන සැකකරු වන මහින්ද කහදගම වෙතන් සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව එම සැකකරු ඉදිරි දින අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කිරිමට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
එමෙන්ම, මෙම සිද්ධියට අදාලව දීර්ඝ ඉදිරි දිනයක් ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියා.
සජිත සාරංග නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බවත්, එම සැකකරු මේවන විට විදේශ ගතව ඇති බැවින් විදෙස් ගමන් තහනමත් පනවා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026