International04 November 2026

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තෙල් ප්‍රවාහන නෞකා හතරක් ගිනිගත් බවට ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි තහනම් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කළ තෙල් ප්‍රවාහන නෞකා හතරක් මුහුදු බෝම්බවල ගැටී විනාශ වූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම බලකාය සඳහන් කර ඇත්තේ අදාළ නෞකා හතර තවදුරටත් ගිනිගනිමින් පවතින බවයි.

එමෙන්ම තවත් නෞකා දෙකක් සිය භාරයට ගත් බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය - Reuters
Related recommendation
Hiru TV News | Programmes