General04 November 2026

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේ 2027 අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය අද (04) පැවැති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්ව තිබෙනවා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 14ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 17ක් ලැබී තිබුණා.

මෙම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 16ක් හිමිව තිබෙන අතර ආසන 18ක් හිමිව තිබුණේ ඒකාබද්ධ විපක්ෂයටයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 08ක් ද පොදුජන එක්සත් පෙරමුණට ආසන 04ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 03ක් ද එක්සත් ජාතික පක්ෂයට ආසන 02ක් ද එසේ හිමිව තිබුණා.

අද පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසනීප තත්ත්වය හේතුවෙන් සභාවට පැමිණ නොසිටි අතර විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු ද ඡන්ද විමසීමට සහභාගී වී සිට නැහැ.

එමෙන්ම සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති මන්ත්‍රීවරියකද අද සභාවට පැමිණ නොසිටි බව වාර්තා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ඇයගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව සඳහන්.

කෙසේ වෙතත්, පළමු වරට ඉදිරිපත් කළ අයවැය මෙසේ පරාජයට පත්වීමත් සමග එය දෙවන වරටත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes