මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන (23) වැනිදා කැඳවන ලෙසත් එදිනට නඩුවේ විභාගයට දින නියම කරන බවත් කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළා.
ඒ, මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ දී කැඳවනු ලැබු අවස්ථාවේදී.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියා.
පැමිණිල්ල විසින් විත්තියට ලබා දීමට ඇති සියලු ලේඛණ ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එදිනට සලකා බලන බවත් ඉන් අනතුරුව නඩු විභාගයට දින නියම කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.
පළමු විත්තිකාරිය ඉංගිසි ජාතික කාන්තාවක් බැවින් අධිචෝදනා පත්‍රයේ පිටපතක් ඉංග්‍රීසි බසින් ලබා දුන් අතර ඇයගෙ වීසා කාලය අවසන් බැවින් එය සකස් කර ගැනීම සඳහා අධිකරණ භාරයේ ඇති ඇයගේ ගමන් බලපත්‍රය ලබා දෙන ලෙසත් මෙහිදී අධිකරණය මහාධිකරණ රෙජිස්ටර්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
පළමු විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි, දෙවන විත්තිකරු දුමින්ද දිසානායක වෙනුවෙන් ජනාධිපති වෙනුවෙන් සම්පත් මෙන්ඩිස්, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සමදරි පියසේන අධිකරණයේ පෙනී සිටියා.
2025 වසරේ මැයි මස 20 වැනිදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබෙනවා.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026