General04 November 2026

අතුරුගිරියේදී බස් රථයක ගැටුණු යතුරුපැදිකරු රෝහලේදී මරුට

අතුරුගිරිය - ගොඩගම මාර්ගයේ අතුරුගිරිය පොලිසිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

මීගොඩ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ බස් රථයක් එක්වරම තිරිංග තද කිරීමත් සමඟ පිටුපසින් පැමිණි යතුරුපැදියක් එහි ගැටී ඇති බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, බටවල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

එම අනතුරට ලක්වූ යතුරුපැදියේ ගැටුණු ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක පැදිකරු ද සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes