General04 November 2026

දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක දේශීය බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට. යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම යාත්‍රාවේ සිටි ධීවරයින් ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes