රජයට මිලියන 5.1ක පාඩුවක් සිදුකළැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (04) නියෝග කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නියම කළා.
ඉදිරි නඩු දින දක්වා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුලු වීම තහනම් කිරිමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
මෙලෙස ඇප මත මුදා හැරියේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙකු (පාලන හා මානව සම්පත් කළමණාකරණ) වූ අරුමකුට්ටි මනුල වමාල් පෙරේරා යි.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සාමපුර ගමේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඒ සඳහා තුන්වන පාර්ශ්වයක් වෙත අයුතු සහගත හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38 ක් ගෙවා ඇති බවයි.
එසේම, අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අළුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් ලක්ෂ 13ක් අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මඟින් රජයට රු.5,100,000/- ක (රුපියල් පනස් එක්ලක්ෂයක) මුදලක් පාඩු කිරීම යන චෝදනාව මත සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අද (04) දහවල් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සිද්ධිය නැවත ලබන ජනවාරි මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026