ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ තෙවන වසර සිසුන් පිරිසක් සහ ඉහළ වසරවල සිසුන් පිරිසක් අතර පෙරේදා 02 දින ඇති වූ පෞද්ගලික ගැටළුවක් පදනම් කරගනිමින්, විශ්වවිද්‍යාලය තුළ නවකවදය ක්‍රියාත්මක වන බවට හුවා දක්වමින් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව එහි දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා නිවේදනය කරනවා.
විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානි පැමිණවීමේ අරමුණින් මෙම වීඩියෝව නවකවද සිද්ධියක් ලෙස වැරදි ලෙස අර්ථ දක්වා ඇති බවයි පීඨාධිපතිවරයා අවධාරණය කරන්නේ.
දැනට වසර ගණනාවක සිට විශ්වවිද්‍යාලය නවකවදයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර, පළමු සහ දෙවන වසර සිසුන් කිසිදු බාධාවකින් තොරව ඉතා නිදහස් පරිසරයක තම අධ්‍යයන කටයුතුවල නිරත වන බවද ඔහු පෙන්වා දෙනවා.
පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනය විරෝධී ලෙස කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව විශ්වවිද්‍යාලය මඟින් පොලිසිය මඟින් ද මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026