International04 November 2026

ෂී - ට්‍රම්ප් - පුටින් හමුවක් ගැන චීනයෙන් පළමු වරට නිල ප්‍රකාශයක්

චීනය, රුසියාව සහ අමෙරිකාව යන රටවල නායකයන් තිදෙනා අතර හමුවක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බව චීනය පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව, චීන ජනාධිපති ෂී ජින් පි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර මෙම හමුව පැවැත්වීමේ හැකියාව පිළිබඳව චීනය අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම හමුව නොවැම්බර් 18 සහ 19 යන දිනවල චීනයේ ෂෙන්සෙන් නගරයේ පැවැත්වීමට නියමිත ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සමගාමීව පැවැත්විය හැකි බවට වාර්තා වනවා.

බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දෙන්නේ, අපේක්ෂිත හමුවට සති දෙකකට පමණ පෙර චීන විදේශ අමාත්‍යාංශය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමෙන්, එම හමුව පැවැත්වීමට බීජිං පාලනය සූදානමින් සිටින බව පෙන්නුම් කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes