International04 November 2026

රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට හේතුව ඉරාන යුද්ධය බව අමෙරිකානු උප ජනපති කියයි

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ලැබූ පරාජයට හේතුව ඉරානය සමඟ පවතින යුද්ධය බව අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) පවසනවා.

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු සමාජ මාධ්‍ය ජාලයක් වන X හි දීර්ඝ සටහනක් පළ කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

"අප පරාජය වීමට හේතුව යුද්ධයයි" යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇති අතර, "අප පරාජය වූයේ ඇයිද යන්න සියලු දෙනාම දන්නවා. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ඕනෑම අවංක සාකච්ඡාවක් ආරම්භ විය යුත්තේ එතැනින්" යනුවෙන් ද වෑන්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes