General04 November 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 26ක විභාගය අවසන්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 26 සලකා බැලීම අද (04) රාත්‍රියේ අවසන් කෙරුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම පෙත්සම් ගොනු කර තිබුණේ, යෝජිත පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලුණා.

පෙත්සම් සලකා බැලීම අවසන් කිරීමෙන් අනතුරුව, පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් වන ලිඛිත දේශන හෙට (5) සවස 4ට පෙර ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා.

නීතිපතිවරයාගේ ලිඛිත දේශනය ලබන 9 වැනිදා ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes