International05 November 2026

ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි – ධවල මන්දිරයෙන් විශේෂ පණිවිඩයක්

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වූ පසුබිමක, "ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි" යනුවෙන් සිහිපත් කරමින් ධවල මන්දිරය සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබෙනවා.

"ප්‍රවේශම් වන්න: ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයාය" යනුවෙන් එම සටහනේ සඳහන් කර ඇති අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්යාලයේ මේසය මත දෑත් තබා ඉදිරිය බලා සිටින ඡායාරූපයක් ද ඊට එක් කර තිබෙනවා.

මැතිවරණ දිනයේදී ඩිමොක්‍රටික් පක්ෂය වෙත විශාල ජනතා සහායක් යොමු වූ අතර, එම පක්ෂය කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය යළි අත්පත් කරගෙන ඇති බව වාර්තාවේ සඳහන් වනවා.


Related recommendation
Hiru TV News | Programmes