General05 November 2026

මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන බහුදින යාත්‍රාව සහ සැකකරුවන් 5 දෙනා දික්ඕවිටට

ඊයේ (04) ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාව, එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු (5) සහ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකසහිත උර 10ක් සමඟ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ බව පොලිසිය පවසනවා.

නාවික හමුදාව විසින් මුහුදේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව සහ අදාළ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes