General05 November 2026

කාන්තාවක් ඝාතනය කර ප්‍රේමවන්තයා සියදිවි හානිකර ගනී

පුස්සැල්ලාව පොලිස් වසමට අයත් දොරගල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර, ඇයට පහරදුන් පුද්ගලයාද සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.

ඊයේ (04) දහවල් කාලයේ සිදුවූ මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පුස්සැල්ලාව පොලිසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මියගිය කාන්තාව සිය පළමු විවාහයෙන් වෙන්ව සිට ඇති අතර, පසුව මෙම සැකකාර පුද්ගලයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

සිද්ධිය වූ දින කාන්තාවගේ නිවසේදී දෙදෙනා අතර ඇතිවූ උණුසුම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, අනතුරුව සැකකරුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes