General05 November 2026

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් බිලියන 3කට ආසන්නයි

දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ තිබූ කිලෝ 150ට වැඩි මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් බිලියන 3කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එම නෞකාව අද උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

මෙම බහුදින ධීවර යාත්‍රාවේ සැකකරුවන් 5 දෙනෙකු ද සිට ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.


Related recommendation
Hiru TV News | Programmes