General05 November 2026

ඇතෙකුගේ දළ කපා මරණයට පත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

කහටගස්දිගිලිය මීමින්නාවල ප්‍රදේශයේදී ඇතෙකුගේ වම්පස දළය කපා ඉවත් කර එම සත්ත්වයා මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඇතාගේ මළ සිරුර පසුගිය දා සොයැගැනුනේ කායන්ගොල්ලෑව වැව් රක්ෂිතය මායිමේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබීයදියි.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ෂව කිහිපයක් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුව සැකකරු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව දළය කැපිම සඳහා භාවිත කරන ලද ආයුධ ද සමඟ සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes