හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 04ක් සහ වාහන 03ක් ලබන පෙබරවාරි මස 05 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අද (05) නියෝග කළා.
2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්‍රකාරව මෙම දේපල අත්හිටුවීම සම්බන්ධයෙන් දින 07ක් ඇතුළත මහාධිකරණයට කරුණු දැක්විය යුතුව ඇති බැවින් අද (05) අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාල නියෝගය නිකුත් කෙරුණා.
මෙම පනත ප්‍රකාරව අල්ලස් කොමිසම විසින් ඉකුත් (30) වැනිදා නීතිඥ රඛිත රාජපක්ෂට අයත් මෙම දේපල අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර රඛිත රාජපක්ෂට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස චරිත අබේසිංහ සහ දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටිනවා.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026