General05 November 2026

හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 13න් පහළ බාලකමීටර් 70 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ ජය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දහම් පින්කට් දිනාගනී

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන 55 වැනි හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 13න් පහළ බාලක මීටර් 70 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ ජය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දහම් පින්කට්ට හිමිවුණා.

එහිදී ඔහු තත්පර 11.87කින් තරගය අවසන් කිරීමට සමත් වුණා.

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 1,100ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතව සිටිනවා.

වයස අවුරුදු 15ට අඩු වයස් කාණ්ඩ 4ක් යටතේ තරග ඉසව් පැවැත්වෙනවා.

එය මේ මස 7 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් ජාතික තලයටත්, ජාත්‍යන්තර තලයටත් ඔසවා තබන හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරග පසුගිය මාසයේදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා.
Related recommendation
Hiru TV News | Programmes