රජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිඛෙන පෙත්සම්වලට අදාළව රජයේ ස්ථාවරය ලබන සඳුදා (09) නීතිපතිවරයා විසින් ශ්ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව සඳහන් කරමින් එම පනත් කෙටුමිපත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියෙන් සහ ජනමත් විචාරණයේ අනුමත කරන ලෙස ඉල්ලා ගොනුකොට තිබූ මෙම පෙත්සම් 26 අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද (05) විභාගයට ගැණුනා.
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් හෝ විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත කිරීමට නියෝග නිකුත් කරන ලෙස ග්‍රි ලංකා නීතිඥ සංගමය ඩිස්ටිලිරිස් සමාගම ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබෙනවා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, සාලිය පීරිස්, එම්. ඒ. සුමන්තිරන්, ඉරාජ් ද සිල්වා , අලිසබ්රි, නවීන් මාරපන සහ නීතිඥවරුන් වන සුරෙන් ඥාණරාජ, ලක්ෂාන් ඩයස්, රුක්ෂාන් සේනාධීර, රුවන්ත කුරේ අධිකරණය හමුවේ පෙනී සිටියා.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශි හේරත්, ආචාර්ය අවන්ති පෙරේරා, අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා සමග සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඊයේ (04) පෙරවරුවේ ආරම්භ වූ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් ඊයේ (04) රාත්‍රිය දක්වාම සිදු කෙරුණා.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය හා ඊට අදාළව සිදුවිය යුතු සංශෝධන ඇතුළත් ලිඛිත දේශන අද (05) දිනය තුළ ගොනු කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබුණා.
එහිදී ලිඛිත දේශන ගොනු කිරීම අද අධිකරණය හමුවේ සිදුවුණා.

Latest News
බල්ගේරියාවේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11ක් මරුට - 50කට තුවාල
Local
10 November 2026
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි සමරිසි සබඳතා නීතිගත වෙයි
Local
10 November 2026
කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
10 November 2026
රිලවෙක් බගවන්තලාවේ කරන්ට් කපලා
Local
10 November 2026
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි
Local
10 November 2026
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන විමර්ශනයට සහ අගමැති ධුර කාලය සීමා කිරීමට අයිසෙන්කොට්ගේ පක්ෂයෙන් පනත් කෙටුම්පත්
Local
10 November 2026
ෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක
Local
10 November 2026
බිම්ස්ටෙක් මහලේකම් ප්රමුඛ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Local
10 November 2026
“දළ දේශීය නිෂ්පාදිතයට නොපෙනෙන පරිසර හානිය මැනීමට නව ජාතික ගිණුම් ක්‍රමයක් අවශ්‍යයි”
Local
10 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Local
10 November 2026