International04 May 2013

සිරියාවට ඇමරිකානු හමුදා යවන්නෑ. - ඔබාමා.

සිවිල් යුද තත්ත්වයක් පවතින සිරියාවට ඇමරිකානු හමුදා යැවීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බව ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. කෙසේ නමුත් සිරියාව විසින් සිය ජනතාවට එරෙහිව රසායනික අවි පාවිච්චි කිරීම පිළිබද චෝදනා සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කළා. ජනාධිපති ඔබාමා තවදුරටත් කියා සිටියේ ඒ පිළිබද පැහැදිලි සාක්ෂි ලැබෙමින් පවතින බවයි. එය සිරියානු සිවිල් යුද්ධයේ තීරණාත්මක වෙනසකට ඉවහල් වනු ඇති බවත් ඔබාමා සදහන් කළා. සිරියාවට නුදුරේ දී සිය හමුදා යැවීමේ සූදානමක් නොමැති බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළ ද, ආරක්ෂක ලේකම් චක් හේගල් කියා සිටියේ සිරියානු කැරළිකරුවන් සන්නද්ධ කිරීමට ඇමරිකාවට සිදුවිය හැකි බවයි.

Related recommendation
Hiru TV News | Programmes