සිවිල් රජයක් සිය නිළ කාලය සම්පූර්ණ කර ප්‍රථම වරට තවත් සිවිල් රජයකට බලය පැවරීම සඳහා උත්සාහ කරන පාකිස්තාන මහ මැතිවරණය අද (11) පැවැත්වෙනවා. ලොව ඉතා සංකීර්ණතම දේශපාලන වාතාවරණයක් පවතින රටක් ලෙස සැලකෙන පාකිස්තානයේ ඉතිහාසයෙන් අඩක්ම එරට පාලනය කළේ හමුදා රජයන්. පැතිර පවත්නා දූෂණය, ජාත්‍යන්තර මැදිහත්වීම්, ත්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය, ජනගහනය, උද්ධමනය, දුප්පත්කම, විරැකියාව ඇතුළු ගැටළු රැසකට මුහුණ දී සිටින පාකිස්තානය ලොව වඩාත් අස්ථාවර න්‍යෂ්ටික බලවතෙකු ලෙසයි බටහිර මාධ්‍ය හදුන්වන්නේ. පාකිස්තාන මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව මිලියන 86ක් පාකිස්තානුවන් අද (11) ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර, කාන්තා අපේක්ෂකත්වය ද මෙවර මැතිවරණයේ දී දෙගුණයක් වී තිබෙනවා. පාකිස්තාන මහජන පක්ෂය මෙවර ද තවදුරටත් බලය පවත්වාගෙන යාම සදහා තරග කරන අතර, ඔවුන්ට ප්‍රධාන අභියෝගය වන්නේ නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයයි. ප්‍රවීන ක්‍රීඩක ඉම්රාන් ඛාන් ද පාකිස්තානයේ දේශපාලන බලය සඳහා මහමැතිවරණයේ දී තරග වදිනවා. මෙවර පාකිස්තාන මහමැතිවරණයේ ප්රචාරක ව්‍යාපාරය ප්රචණ්ඩ සිද්ධින් රැසකට මුහුණ දුන් අතර අප්‍රේල් මස මැද භාගයේ සිට ඇති වූ එවැනි සිද්ධීන් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 127ක්.
Latest News
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්