International13 May 2013

මහසෙන් චෙන්නායි මඟ හරින ලකුණු.


ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදට ඔබ්බෙන් බෙංගාල බොක්කේ ඊසාන දෙසට ඇදෙන මහසෙන් සුළි කුණාටුව තමිල්නාඩුවේ වෙරළාසන්නව පිහිටි චෙන්නායි නගරය මඟ හරිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. කෙසේ නමුත් සුළි සුළෙඟ් බලපෑමෙන් තමිල්නාඩුවට දැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බවයි ඔවුන් කියා සිටියේ. මහසෙන් අද (13) උදෑසන වන විට පිහිටා තිබූයේ චෙන්නායි නගරයට කිලෝමීටර් 700ක් ගිනිකොන දෙසින්. මහසෙන් සුළි කුණාටුව අද දිනය තුළ ඊසාන දිශාව ඔස්සේ බංග්ලාදේශ - මියන්මාර වෙරළ ප්‍රදේශය වෙත යොමු වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

Related recommendation
Hiru TV News | Programmes