ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ඊයේ (17) දිනයේ දී මාරාන්තික බෝම්බ ප්‍රහාර රැසක් එල්ල වූ අතර, ඒවායින් පුද්ගලයන් 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පළමු ප්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් නුවරට උතුරින් වූ බකූබා හි සුන්නි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිටයි. එහිදී බෝම්බ දෙකක් පුපුරා ගිය අතර මිය ගිය සංඛ්‍යාව 41ක්. ඉන්පසුව මඩායින් හි පැවැති සුන්නි මුස්ලිම් අවමංගල්‍ය උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගිය අතර බටහිර බැග්ඩෑඩයේ පිපිරුණු තවත් බෝම්බ දෙකකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉරාකයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ජන කොටස් අතර ගැටුම් පසුගිය කාලය තුළ උත්සන්න වූ අතර, පසුගිය දින 3 තුළ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගත් ප්‍රහාරවලින් පුද්ගලයන් 120කට වැඩි සංඛ්‍යාවක් මිය ගියා. ඉරාකයේ සුන්නි - ෂියා ආගමික ගැටුම් උත්සන්න වූයේ සුන්නි මුස්ලිම්වරුන්ගේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට ඉරාක හමුදා ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුවයි.
Latest News
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්