අද (20) කැදවා තිබූ බස් වර්ජනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද (20) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය කැදවා තිබූ මෙම හදිසි වර්ජනය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවයි.
[MP3]s59354_1[/MP3]
සිය සංගමය විසින් අද (20) ක්‍රියාත්මක කළ බස් වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
[MP3]s59354_2[/MP3]
මේ අතර, කලින් ප්‍රකාශ කළ පරිදි අද (20) දිනයේ වර්ජනයට එක්වූ පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොශාන් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විටත්, ඒ ඒ ප්‍රදේශවල වර්ජනයට එක්වූ බස් රථ හඳුනාගෙන ඇති බවයි සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ.
Latest News
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්