General21 May 2013

මුස්ලිම්වරුන් ගැන ඇමරිකානු නිවේදනයට මුස්ලිම් කවුන්සිලයෙන් ප්‍රතිචාර.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදුකර ඇති ප්‍රකාශය අසාධාරණ බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසනවා. සිංහල බෞද්ධයන් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කොන් කිරීමට සහ නොරිස්සීමට ලක් කර ඇති බවයි 2012 වසරේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. එමගින් මෙරට වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට මෙවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණ නොවන බවද ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය තවදුරටත් පවසනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ආගමික නිදහස සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙරට රජය දැනුවත් කර ඇති බවයි. අන්‍යාගමික පූජ්‍ය ස්ථානවලට ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඇමරිකාව ලක් රජයෙන් ඉල්ලා සිටි බවත් එහි වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම වාර්තාව පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්.අමීන්.
 
[MP3]s59387[/MP3]

Related recommendation
Hiru TV News | Programmes