අද (21) වැඩවර්ජනයෙන් ලබාදුන් සංඥාව ආණ්ඩුව නිසි ලෙස අවබෝධ කරනොගතහොත් වෙසක් පොහොයෙන් පසු නව ක්‍රියාමාර්ගයක් අරඹන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (21) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වු එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අද පැවැත්වූ සංකේත වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට රජය නොයෙකුත් ක්‍රියාමාර්ග ගත් බවයි.
[MP3]s59413_1[/MP3]
වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව අද පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු කේ.ඞී. ලාල්කාන්ත පැවසුවේ මෙම වැඩවර්ජනයෙන් තමන් ආණ්ඩුවට අවශ්‍ය බලපෑම එල්ල කළ බවයි.
[MP3]s59413_2[/MP3]
මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර කොළඹ සිය නිවසේදී අද (21) මාධ්‍ය හමුවක් කැඳවා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ දැයි විමසා සිටියා. ඒ, අද කැඳවා තිබූ සංකේත වැඩවර්ජනය අසාර්ථක වූ බව පවසමින්.
[MP3]s59413_3[/MP3]
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද