General22 May 2013

උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට සහ විදුලිබල සාමාන්‍යාධිකාරීවරයාට නොතීසි.



ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට ලබන 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීයි. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසිංහ නම් කර තිබුණා. විදුලි ගාස්තු සංශෝධනය ඉවත් කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිඥ සංගමය මෙම පෙත්සම මීට පෙර ගොනුකළා. එමගින් ඔවුන් පෙන්වා දී තිබුණේ රජය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පිළිගත නොහැකි බවයි. එහිදී අදහස් දැක්වු පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කළ්‍යාන තිරාණගම.

 [MP3]s59423[/MP3]

Related recommendation
Hiru TV News | Programmes