General24 May 2013

සම්බුදු තෙමඟුල සැමරීමට පුදබිම් වෙත මහ සෙනඟක්.

ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බොදු බැතිමතුන් අද (24) සම්බුදු තෙමඟුල සමරනවා. දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි. පෙහෙවස් සමාදන් වන සැදැහැවතුන්ගෙන් බෞද්ධාගමික සිද්ධස්ථාන පිරී පැවතීම විශේෂත්වයක්.

 

අද උදෑසන සිට ශ්‍රී දළඳා මාලිගාව වෙත බැතිමතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක සඳහන් කළේ.

 

[MP3]s59597_1[/MP3]
 

අනුරාධපුර ශ්‍රී මහාබෝ සමිඳුන් ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ද විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අනුරාධපුර හිරු වාර්තාකරු අතුල බණ්ඩාර සඳහන් කළා.

 

[MP3]s59597_2[/MP3]

 

කළුතර බෝ සමිඳුන් කේන්ද්‍ර කර ගනිමින් අද වෙසක් පොහෝ දිනයේ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබඳව තොරතුරු ගෙන එන ප්‍රදේශයේ හිරු වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි.

 

[MP3]s59597_3[/MP3]

Related recommendation
Hiru TV News | Programmes