International16 June 2013

ජෝර්දානයට ඇමරිකානු මිසයිල.

ඇමරිකාව විසින් මිසයිලහාරක පේටි‍්‍රයට් මිසයිල සහ එෆ් 16 ප්‍රහාරක යානා පෙළක් ජෝර්දානයට ලබාදී ඇතැයි වාර්තාවනවා. ජෝර්දානයේ පැවති යුද අභ්‍යාසයකින් අනතුරුවයි ඇමරිකාව මෙම මිසයිල සහ ප්‍රහාරක යානා ජෝර්දානයට ලබාදී ඇත්තේ. එහි සිටින ඇමරිකානු හමුදා ඉදිරි සතියේදී නික්මීමට නියමිතයි. ජෝර්දානය සමග දීර්ඝකාලීනව පවතින සබඳතාව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා මෙම අවි ලබාදුන් බව ඇමරිකානු පෙන්ටගනය ප්‍රකාශ කළා. කෙසේ නමුත් එම අවි සිරියාවට එරෙහිව  යොදාගැනීමෙන් වළකින්නැයි රුසියාව දැනටමත් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes