මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හැරීමට එම පළාත් සභාවල ආණ්ඩු පක්ෂ නියෝජිතයින් අනුමැතිය ලබාදී තිබෙනවා. අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදීයි ඔවුන් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ. මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාතේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.
[MP3]s61180_1[/MP3]
මේ අතර, ජාතික හෙළ උරුමය සහ එක්සත් ජාතික පක්ෂය කොළඹ අද (17) පැවැත්වූ මාධ්‍ය හමු වලදී 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. ජාතික හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි සභාපති අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ පොලිස් සහ ඉඩම් බලතල අහෝසි නොකොට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාකවලට එම බලතල වෙනුවෙන් පෙනී සිටින්නන් වගකිව යුතු බවයි.
[MP3]s61180_2[/MP3]
කෙසේ වෙතත්, කඩිනමින් සිදුකළ යුත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය කිරීම නොව 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම බවයි එක්සත් ජාතික පක්ෂය කැදවූ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ.
[MP3]s61180_3[/MP3]
Latest News
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ