General17 June 2013

පළාත් සභා විසුරුවා හැරීමට සන්ධාන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය.

මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හැරීමට එම පළාත් සභාවල ආණ්ඩු පක්ෂ නියෝජිතයින් අනුමැතිය ලබාදී තිබෙනවා. අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදීයි ඔවුන් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ. මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාතේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s61180_1[/MP3]                                                                    

 

මේ අතර, ජාතික හෙළ උරුමය සහ එක්සත් ජාතික පක්ෂය කොළඹ අද (17) පැවැත්වූ මාධ්‍ය හමු වලදී 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. ජාතික හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි සභාපති අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ පොලිස් සහ ඉඩම් බලතල අහෝසි නොකොට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාකවලට එම බලතල වෙනුවෙන් පෙනී සිටින්නන් වගකිව යුතු බවයි.

 

[MP3]s61180_2[/MP3]                                                                     

 


කෙසේ වෙතත්, කඩිනමින් සිදුකළ යුත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය කිරීම නොව 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම බවයි එක්සත් ජාතික පක්ෂය කැදවූ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ.

 
[MP3]s61180_3[/MP3]

Related recommendation
Hiru TV News | Programmes