කොළඹ විශ්වවිද්‍යාලයේ පස් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ශිෂ්‍යාව අද අලූයම මියගොස් තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශෂිප්‍රභා ගුණවර්ධන නැමති මෙම ශිෂ්‍යාව ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබුණේ ඊයේ පෙරවරුවේදියි. බරපතල තුවාල ලැබූ ඇය පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී මෙම ශිෂ්‍යාවට සැත්කම් දෙකක් සිදුකළ බවයි එහි අධ්යක්ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන් ලූණුගම්වෙහෙර නව නගරය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම ශිෂ්‍යාවගේ හිසට සහ උදර ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදුව තිබුණා.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඇය තුන් වරක් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාරද සිල්වා පැවසුවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මුලින්ම ඇතුළත් වී ඇති මෙම ශිෂ්‍යාව පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වී තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් පවසන්නේ මෙම සරසවි ශිෂ්‍යාව සියදිවි හානිකරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වගකිවයුතු බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම විශ්වවිද්‍යාලයේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික.
[MP3]s61224_1[/MP3]
ශිෂ්‍ය සංගම් එල්ල කරන මෙම චෝදනා පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වාගෙන් තවදුරටත් විමසීමක් කළා.
[MP3]s61224_2[/MP3]
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි