General18 June 2013

රංගේ බණ්ඩාර හෙළ උරුමයට පිහිට වෙයි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධනයක් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (18) ඉදිරිපත් කළ අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර විසින් ස්ථීර කිරීම  විශේෂත්වයක්. මෙය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ 21 වන සංශෝධන යෝජනාවයි. රතන හිමියන් යෝජනාව ඉදිරිපත් කළත්, ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එය ස්ථීර කළේ නැහැ. එය දුටු පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා යෝජනාව ස්ථීර කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes