කින්නියා - කුට්ටිකරච්චි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඊයේ (18) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. කුට්ටිකරච්චි - චුන්නක්කාඩු වනයේ බලපත්‍ර රහිතව දැව කපා ප්‍රවාහනය කරමින් තිබූ කරත්ත 4ක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් සහ වනජීවි නිලධාරී කණ්ඩායමක් පැමිණි අවස්ථාවේයි මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වී ඇත්තේ. මෙම කරත්ත 4 සහ ඒ සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යන අවස්ථාවේ අතරමග රැදී සිටි ප්‍රදේශවාසීන් ආරක්ෂක නිලධාරීන් වෙත ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා අමතර යුධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද කැදවා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, අහසට වෙඩි තැබීමක් ද සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. කෙසේ වුවත් මේ වන විට අදාළ නීතිවිරෝධී දැව කරත්ත 4 සහ සැකකරුවන් 4 දෙනා පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
Latest News
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ