General19 June 2013

ජලාශ කිහිපයක වාන් දොරටු තවමත් විවෘතයි. - අවධානයෙන් ඉන්න.

මධ්‍ය කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් මෙම ජලාශ අවට පහත් බිම්වල ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ.

 

[MP3]s61281_1[/MP3]

 

ඉදිරි පැය 24 තුළ සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මන්නාරම, කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ තරමක රළු ස්වභාවයක් පැවතිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල ප්‍රකාශ කළේ.

 
[MP3]s61281_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes